එක මොහොතක ..


උදවු කළා මට 
පිහිට උනා මට
අමතක වෙනකොට මතක් කළා මට 
වසර දෙක හමාරක් පුරාවට 
එකට හිටියා මාත් සමගම 
විටෙක ,
කිහිප දෙනෙකු ගියත් අන් කෙනෙකු වෙත 
විගස පැමිණියා මා වෙතම 
නමුත් අද ,
ඔබ සියලු දෙන හැර දමා මා 
යන අයුරු දිටිමි මා 
සිතුවෙ නෑ කිසි දිනක ඇසුරු කළ ඔබ සියලු දෙන 
මෙලෙස අන් සතු වෙයි කියා 
දැනුනද වේදනාවක් මා සිතට 
කමක් නෑ ,
යන්න ඔබ සියලු දෙන 
පිහිට වන්න හැකි ලෙසකට 
සතුටක් එය මට කිසි දිනක නොලබන 
දුර්ලභයි ඒ සතුට 
මෙ මිහිපිට කිසිවෙකුත් නොලබන තරමටම
උරුම කර එය මට 
මා දමා ගියද ඔබ සැම 
ණය ගැතියි මා සදා 
ඔබ සියලු දෙන වෙතම ..






ඉතින් ඊළගට ....



අවුරුදු දෙක හමාරක් විතර දගලලා මහන්සිවෙලා ,ඉස්කෝලෙත් කරන්න තිබුන හැම දෙයක්ම වගේ කරලා විභාගේ ලියලා ඉවර වෙනකන් බලන් හිටියේ කොච්ච්ර සතුටකින්ද ,
ඒත් ඊගාවට රිසල්ට්ස් කවදා එයිද කියලා හිත හිතා ඉන්න සිද්ද උනා. 
එත් රිසල්ට්ස් ආවාම අනේ මේක ඉවරයක් නේ කියලා හිතලා හිතේ තිබුන බය අඩු කර ගත්තා . 
දැන් වෙලා තියෙන්නෙ රිසල්ට්ස් ඇවිල්ලත් ඊගාවට මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරි එකයි. 
ඒ තරමටම අපේ රටේ හැම දෙයක්ම වගේ  ක්‍රමවත් ඒවා ගැන ඉතින් මොකට කතා කරනවද 

ඒ අතරේ දකින්න තියෙන තවත්  දෙයක් තමයි හොඳ රිසල්ට් එකක් ලැබුන අය ඉගෙන ගත්ත ගුරුවරුන් සමග සතුට බෙදා ගන්න අතරේ , තමන් එක්කම අවුරුදු ගනනාවක් එකට දුක සතුට බෙදා ගන්න හිටිය තමන්ගෙම යාලුවන් ලැබුනු ප්‍රථිඵලය නිසා දුකින් වේදනාවෙන් ඉන්නවා කියලා අමතක  වෙලා තියෙන එක 

ලැබෙන්න තියෙන දේ ලැබෙන්නෙ සහ වෙන්න තියෙන දේ තමයි වෙන්නේ , ඊගාව පාර කරගන්නවාමයි කියලා හිතන එක මේ වගේ වෙලාවලට හිත හදා ගන්න තියෙන හොදම විදිහ කියලා හිතුවට  ,
එතනත් ඒ එක පැත්තක් විතරයි .
ඒ කියන්නේ හැමෝටම හිතෙන සම්ප්‍රදායික සිතුවිල්ලක් විතරයි .
එහෙම හිතෙන සිතුවිල්ල කවුරුත් නොහිත්න ඇතැම් විට තමන්වත් නොදන්නා කඩ ඉමක් පසුකර යාමට තරම් ශක්තිමත් වෙන්නත් පුලුවනි .
ඒ අතරේ.. හොද රිසල්ට් එකක් ලැබුන අය අනික් අය කරන්නේ මොනවද තමනුත් ඒ දේ කල යුතුයි නැත්තන් ඉදිරියට යෑමක් සිතිය නොහැකි කියන පුහු ආකල්පයේ රැදෙමින් කටයුතු කරන එක… ,
එක් පැත්තකින් ඔවුන් සාධාරනයි මක් නිසාදයත් සමජය යන අත එය වීමයි .
නමුත් ටිකක් සිතිය යුතුයි ,තමන්ගෙම කියලා අරමුනක් ඔවුන්ටත් තියෙනවාද යන වග
ඒවා කොහොම කොයි විදිහට උනත් බලන් හිටිය රිසල්ට්ස් අවා ඔන්න දැන් ඉතින් ..  ඊළගට ……