සිතුවිල්ලක් .....

කඳුල  සිනහව උරුමයි හැම කෙනෙක්ටම
ඒත් කඳුල විතරමයි සමහරුන්ට
කිසි දිනක සිනහවක් සතුටක් හිමි නැති ඔවුන්
විටෙක පිටට නොපෙන්වුවත්
වේදනාව හිතැතිව හිතින් අඩන තරම්
දන්නේ ඔවුන් විතරමයි
ඇස් කඳුලින් තෙත් නොවුනත්
හැම මොහොතකමදේ හිතට උරුමයි
හදවතට එකගව  ටිකක් හිතල බැලුවොත්
පිටට සිනහවක් පෙන්නන් ඉන්න හැම කෙනෙක්ගෙම ,
සතුටින් කියලා හිතන් ඉන්න හැම කෙනෙක්ගෙම ,
හිතේ කොතන හරි පුංචි කඳුලු බින්දුවක් තියෙනවා
හේතුවක් ඇතිව හෝ නැතිව උරුම වෙලා තියෙන සත්‍ය එයයි
ඒත් කෙදිනක හෝ සතුටු කඳුලක් වෙලා
කඳුලු බිඳුව ඇසෙන් නික්මිලා යන දවසට
අනික් හැම කෙනෙක්ටම වඩා ,
තමන්ටත් වඩා ,
සතුටු වෙනහිත දන්නෙ නෑ
නික්මුණු කඳුලු බින්දුවේ අඩුව පුරවන්න තවත් බිඳුවක් සැරසෙන බව
කෙදිනක කෙලෙසකදැයි කිසිවෙකුත් නොදනී
  

12 comments:

  1. ඇත්ත . හ්ම්ම් මමත් ගොඩාක් විඳපු දෙයක් ! ලස්සනයි දිගටම ලියන්න !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි !! :) :)

      Delete
  2. අනිත් අයව හිනස්සවන අයගේ කදුලු කාටවත් පෙන්නේ නෑලු!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඇත්ත , තව කෙනෙක්ව සතුටින් තියෙන අයගේ හිත කදුලින් තෙත් වෙලා .. කියලා දන්නේ එයා විතරමයි ..!

      Delete
  3. kadulak wetenam pisalanna aye
    oba hamuwanne kawadada aayeee..

    ReplyDelete
  4. apa hamuwanuyee gahakola kothane
    sitha ridawanna mesee...

    ReplyDelete
  5. waaaawooooooooo fineeeee...... :)
    xooo creaty.....
    keep it up yaaruuu.....:)

    ReplyDelete
  6. අදනේ දැක්කේ බ්ලොගේ. දිගට ම ලියන්න! ජය!

    ReplyDelete