විටෙක හිතෙන විදිහ ...

නපුරු ලෝකයක් 
තමන් ගැන විතරක් හිතන, 
ආත්මාර්ථකාමී, 
ටිකක් වැරදුන තැන ඇඟට කඩා පනින, 
හැම වෙලේම ඇඟිල්ල අනික් අය වෙතම එල්ල වුනු 
තමන් මොනවා කලත් කොහොම හැසිරුනත් කොයිවෙලාවෙත් නිර්දෝශී කියන ලේබලය අලවා ගත්ත මිනිස්සු පිරිච්ච සමාජයක් 
නැති බැරි කෙනා නැත්තටම නැති කරලා ,
ඇති හැකියාව ඇති කෙනා කැපී පේන්න දගලන , 
සත්‍යට ඉඩක් නැති බොරුව රජයන අසාධාරන ලෝකයක් 
ඒ අතරේ සාධාරනයට සත්‍යට ඉඩක් නැතුවාම නොවෙයි ,
එහෙත් සමස්ථ සත්‍ය නම් එයයි ,
ඒ අතර සත්‍ය රැක ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිටිමින් 
සාධාරනය රජ කරන්න වෙර දරන මිනිසුන්ද අපමනයි 
ඒ සඳහා ස්ථිර අධිශ්ඨානයත් ශක්තියත් අවශ්‍යතාවයත් සැපයුවේ 
ආත්මාර්ථකාමී මිනිසුන් සතු වූ ඒ ක්‍රියා කලාපය අදහස් හා සිතුවිලි බව ඔවුන්වත් නොදන්නවා විය හැකියි කෙසේ වෙතත් කිසිදේක අවසානයක් ස්ථිර බවක් නැති මේ ලෝකයේ 
යමෙක් යමක් ජයගත් කෙනෙක් වේනම් 
ඒ කැපවීම හා ඉවසීම තුලින් කටයුතු කල කෙනෙක්ම විය යුතුයි 
එවැන්නෙක් නැවත්වීම කිසිවිටෙක කිසිවෙකුටත් කල නොහැකි 
තමන්ගේ තැනට තමන් යාමට මිස 
තවකෙකුගේ තැනට යාමට කටයුතු කිරීම නිශ්ඵල දෙයක්