එකක අවසානය
තව එකක ආරම්භයක්
සිතූ සෑම දෙයක්ම
ඇතැම් විට නොම වෙයි
නොසිතූ බොහෝ දේ
සිදු වීමට ඉඩ ලැබෙයි
උදවු කළා මට
පිහිට උනා මට
අමතක වෙනකොට මතක් කළා මට
වසර දෙක හමාරක් පුරාවට
එකට හිටියා මාත් සමගම
විටෙක ,
කිහිප දෙනෙකු ගියත් අන් කෙනෙකු වෙත
විගස පැමිණියා මා වෙතම
නමුත් අද ,
ඔබ සියලු දෙන හැර දමා මා
යන අයුරු දිටිමි මා
සිතුවෙ නෑ කිසි දිනක ඇසුරු කළ ඔබ සියලු දෙන
මෙලෙස අන් සතු වෙයි කියා
දැනුනද වේදනාවක් මා සිතට
කමක් නෑ ,
යන්න ඔබ සියලු දෙන
පිහිට වන්න හැකි ලෙසකට
සතුටක් එය මට කිසි දිනක නොලබන
දුර්ලභයි ඒ සතුට
මෙ මිහිපිට කිසිවෙකුත් නොලබන තරමටම
උරුම කර එය මට
මා දමා ගියද ඔබ සැම
ණය ගැතියි මා සදා
ඔබ සියලු දෙන වෙතම ..