එක මොහොතක ..


උදවු කළා මට 
පිහිට උනා මට
අමතක වෙනකොට මතක් කළා මට 
වසර දෙක හමාරක් පුරාවට 
එකට හිටියා මාත් සමගම 
විටෙක ,
කිහිප දෙනෙකු ගියත් අන් කෙනෙකු වෙත 
විගස පැමිණියා මා වෙතම 
නමුත් අද ,
ඔබ සියලු දෙන හැර දමා මා 
යන අයුරු දිටිමි මා 
සිතුවෙ නෑ කිසි දිනක ඇසුරු කළ ඔබ සියලු දෙන 
මෙලෙස අන් සතු වෙයි කියා 
දැනුනද වේදනාවක් මා සිතට 
කමක් නෑ ,
යන්න ඔබ සියලු දෙන 
පිහිට වන්න හැකි ලෙසකට 
සතුටක් එය මට කිසි දිනක නොලබන 
දුර්ලභයි ඒ සතුට 
මෙ මිහිපිට කිසිවෙකුත් නොලබන තරමටම
උරුම කර එය මට 
මා දමා ගියද ඔබ සැම 
ණය ගැතියි මා සදා 
ඔබ සියලු දෙන වෙතම ..