සිතුවිල්ලක් .....

කඳුල  සිනහව උරුමයි හැම කෙනෙක්ටම
ඒත් කඳුල විතරමයි සමහරුන්ට
කිසි දිනක සිනහවක් සතුටක් හිමි නැති ඔවුන්
විටෙක පිටට නොපෙන්වුවත්
වේදනාව හිතැතිව හිතින් අඩන තරම්
දන්නේ ඔවුන් විතරමයි
ඇස් කඳුලින් තෙත් නොවුනත්
හැම මොහොතකමදේ හිතට උරුමයි
හදවතට එකගව  ටිකක් හිතල බැලුවොත්
පිටට සිනහවක් පෙන්නන් ඉන්න හැම කෙනෙක්ගෙම ,
සතුටින් කියලා හිතන් ඉන්න හැම කෙනෙක්ගෙම ,
හිතේ කොතන හරි පුංචි කඳුලු බින්දුවක් තියෙනවා
හේතුවක් ඇතිව හෝ නැතිව උරුම වෙලා තියෙන සත්‍ය එයයි
ඒත් කෙදිනක හෝ සතුටු කඳුලක් වෙලා
කඳුලු බිඳුව ඇසෙන් නික්මිලා යන දවසට
අනික් හැම කෙනෙක්ටම වඩා ,
තමන්ටත් වඩා ,
සතුටු වෙනහිත දන්නෙ නෑ
නික්මුණු කඳුලු බින්දුවේ අඩුව පුරවන්න තවත් බිඳුවක් සැරසෙන බව
කෙදිනක කෙලෙසකදැයි කිසිවෙකුත් නොදනී